හැඳින්වීම

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2003 දී දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතියක් දියත් කළ අතර, එම සම්මුතියට අත්සන් තැබූ පළමු රටවල් අතර ශ්‍රී ලංකාව ද විය. සම්මුතියට අනුකූලව, 2006 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සම්මත කරන ලදී.

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යනු 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතට අනුකූලව ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මද්‍යසාර වැළැක්වීම පිළිබඳ නීතිමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද ආයතනයකි.

🎯

දැක්ම

A country and people free of tobacco & alcohol use

👁️

මෙහෙවර

Mobilizing all social sectors to liberate our society from harm caused by tobacco and alcohol

අරමුණු

  • මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අදහසින් දුම්කොළ සහ මද්‍යසාර පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදුනාගෙන ක්‍රියාත්මක කිරීම.
  • දුම්කොළ නිෂ්පාදන සහ මද්‍යසාර නිෂ්පාදන අලෙවිය සහ පරිභෝජනය තක්සේරු කිරීමෙන් සහ සමීක්ෂණය කිරීමෙන් දුම්කොළ සහ මද්‍යසාර ආශ්‍රීත හානි තුරන් කිරිම.
  • ළමුන් දුම්පානයට හා මද්‍යසාර පාවිච්චියට යොමු වීම, අධෛර්යමත් කිරීමේ විධිවිධාන ඇතුළත් කිරීම පිණිස ඔවුන් දුම්කොළ නිෂ්පාදන වලට සහ මද්‍යසාර නිෂ්පාදන වලට ප්‍රවේශ වීමට ඇති මාර්ග හීන කීරිමේ ක්‍රියාමාර්ග සැළසීම.
FaLang translation system by Faboba